ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සය අවුරුද්දක සිර දඩුවම් ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ජනාධිපති ලේකම් කාර්යාලයට වැඩම කර ඇත.

බෙංගමුවේ නාලක, තල්ගමුවේ සුධිරානන්ද, දියසෙන්පුර විමල සහ මාගල්කන්දේ සුදත්ත යන හිමිවරු විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා ඒ මහතාට බාරදීමට සකස් කළ ලිපියඑට මෙම භික්ෂූන් වහන්සේලා අත්සන් කර තිබේ.

එම ලිපියෙහි කොටසක මෙසේ දැක්වේ,

“ඔබතුමා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට ජීවිත දානය දීමට තරම් ඔබතුමා සංවේදී නායකයෙකු විය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයක් විය. දැන් ඔබතුමාට තවත් සංවේදී කාරණයක් ඉතිරිව ඇත. එනම් ගමේ හැදී වැඩී, අප රටේ පළමු පුරවැසියා ලෙසත්, බෞද්ධ උපාසක මහතෙකු ලෙසටත් කල්පනා කර ඔබතුමාගේ බලතල ප්‍රකාරව ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන තෙක් මුළුමහත් සඟ පරපුර මෙන්ම මුළුමහත් බෞද්ධ සමාජයම බලා සිටී. ඔබට දළදා හිමි සරණයි“ යනුවෙන් දක්වා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top