ප්‍රමුඛ පුවත 1

කතානායකවරයාගෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙනි.

එහි සඳහන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවයි.

අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බව ද එහි සඳහන් කර තිබේ.

එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයා මෙම නිවේදනයෙන් ඉල්ලා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top