ප්‍රමුඛ පුවත 1

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම හෙට සිට .

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හදුන්වාදීමට නියමිතයි.

පළමු අදියරේ දී රෝහල් 200 කට කාඩ්පත් නිකුත් කිරීමට නියමිතව ඇති අතර විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන ලදී.

මෙම කාඩ්පත තුල රෝගිගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇති අතර රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කර හැක.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල සෑම ජනතාවටම මෙම කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top