ප්‍රමුඛ පුවත 1

“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීම

(උදයම්,කොළඹ)  –  ආනයනය කළ මෝටර් රථයක් ධාවනය සඳහා යොදවනතුරු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කෙරේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කලේ “ඊ මෝටරින්” ලෙස මෙම වැඩසටහන හදුන්වා දෙන බවය.

මෝටර් රථයක් ආනයනයේදීම එහි සියලූ විස්තර පරිගණක පද්ධතියට ඇතුළත් කරනු ලබයි.

වාහන හිමිකරු සිය වාහනය වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමන් පසු නව ලියාපදිංචිය සඳහා එම ගැනුම්කරු අන්තර්ජාලය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය යුතුය.

මෙම “ඊ මෝටරින්” ක්‍රමය දැනටමත් හම්බන්තොට වරායේ සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top