දේශීය

අවශ්‍ය කර සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් සතු ව තිබී කඩුවක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30, 37, 43 සහ 53 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

 

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top