දේශීය

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

(UTV | කොළඹ) – පිළිකාකාරක අඩංගු පොල්තෙල් තොග මෙරටට ගෙන ආ සමාගම් මොනවාද යන කාරණයට වඩා අවධානය ලබාදිය යුත්තේ මෙම අවස්ථාවේදී හෝ මෙම වංචාව හෙළිදරව් වීම සම්බන්ධයෙන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි.    

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ඔහු අවධාරණය කරන්නේ මේ ආකාරයට පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය මීට පෙර සිටම රට තුලට පැමිණ ඇති බව මෙතුලින් පෙනී යන බවයි.

මේ අතර මෙරටට පාම් ඔයිල් ආනයනය කිරීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ චෝදනා එල්ල කරන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එම සියලු යෝජනා සහ චෝදනා පිළිබද සලකා බලා ඊට අදාළ ගැසට් පත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම , උත්සව සමයේ දී සෞඛාරක්ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස ද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙහිදි මාධ්‍යවේදියෙක් නැගූ පැනයට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ,සියලු සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හා පොලිසිය මේ පිළිබඳව දැනටමත් දැනුවත් කිරීම් සිදු
කර ඇති බවය.

සාමාන්‍ය සුපුරුදු අයුරින් ජනතාව කටයුතු කළහොත් මීළඟ කොවිඩ් රැල්ල මතුවිමේ අවධානම ඇතිවිය හැකි බවද සඳහන් කළ අමාත්‍යවරයා, එබැවින් හැකිතාක් දුරට සෞඛාරක්ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස තමා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව 2017 අංක 17 දරණ විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සදහා ලබා දී ඇති කාළ සීමාව තවදුරටත් දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

මෙම තැන්පතු ගිණුම් විවෘත කිරීම සදහා ලබා දී ඇති කාල සීමාව හෙට දිනයෙන් අවසන් වීමට නියමිතයි.

මේ අතර එම ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රදවා ගැනීමේ අරමුණින් අතිරේක පොලියක් ගෙවීම සදහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

2021 මාර්තු මාසය වන විට එම තැන්පතු ගිණුම්වල අමෙරිකානු ඩොලර් මිලියන 360 යි දසම 03 ක මුදලක් තැන්පත් කර ඇති අතර තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශව වෙනුවෙන් අදාළ කාළ සීමාව දීර්ඝ කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සදහා විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි නියෝග නිකුත් කිරීමට නියමිතයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේද අවධානය යොමු විය.

මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාශ නිර්ණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගෙන පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයද පැහැදිලි තීරණයකට එළැඹ ඇති බවයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top