ප්‍රමුඛ පුවත 1

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

(UTV| කොළඹ) – අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි .

ගංවතුර තර්ජනය පහවයනතෙක් එම ප‍්‍රදේශවල වැසියන් සියලු දෙනා වෙත අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත්  අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිතුමා, මෙම සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු  කර ඇත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top