ප්‍රමුඛ පුවත 1

අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනය

(UTV| කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වය අද(06) සහ හෙට(07) දිනයන්හිදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වලත් මන්නාරම,වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලසහ සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරයි .

මේ අතර කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලඔක්තෝබර් මස 7 වනදා සවස දක්වා මුහුදු රළ මීටර් 2.0-2.5 ක් පමණ දක්වා (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර සුළු වශයෙන් ගොඩබිමට පැමිණිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹසහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති විය හැක.

බෙන්තොට සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින්හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර විටින් විට තරමක් රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-25 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top