දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදීත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ – බී සහ සී යන කලාප 03 ට පැය 04 යි මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 04 යි මිනිත්තු 30 ක කාලයක් මෙලෛස විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ක්‍රියාත්මකයි.

සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top