සැකකරු සතුව තිබී ජංගම දුරකථන 02 ක්,රුපියල් 28,800 ක මුදලක් සහ ඔහු පැමිණි බව කියන යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සහ ඔහුගේ සහෝදරයා විසින් සිදු කරන වැලි ජාවාරමකට සහාය ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දෙන බවට හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
