ප්‍රමුඛ පුවත 1

ජනපති අද යාපනයට

(උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි.

ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතයි.

ජනපතිවරයාගේ මෙම සංචාරයේදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීමටද නියමිතව තිබේ.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top