(උදයම්,කොළඹ) – තොරතුරු දැන ගැනීමේ පනත අද (03) සිට බලාත්මකයි.
ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.
එම තොරතුරු ලබාගත හැකි පොදු අධිකාරීන් ලෙස අමාත්‍යාංශ, මණ්ඩල, දෙපාර්තමේන්තු, සංස්ථා, රජයට අයත් සමාගම්, පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු තවත් ආයතන රැසක් ඇතුළත කර තිබේ.
