දේශීය

LTTE විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස්

2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් ගත් රථපෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවය.

 

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තම තීන්දුවේ සඳහන් කළේය.

 

මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කළහ.

 

2006 වසරේ අගෝස්තු මස 14 වන දා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ කටයුතු කළ පකිස්තානු මහ කොමසාරිස් බසීර් අලි මොහොමඩ් මහතා ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top