දේශීය

ETI සහ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට මහබැංකුවෙන් වන්දි

(UTV| කොළඹ) – ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව 2020.07.25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45 ක් මගින් මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කෙරනු ඇත.

මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇති බවට අදාළ නිවේදනයේ සඳහන්.

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC යන ආයතන මගින් තහවුරු කරන ලද සියලු ම තැන්පත්කරුවන්ට, තැන්පතුවල නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විට වෙන්කර ඇති අතර මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.

වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේදී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගෙන්, තැන්පතුවල නීත්‍යානුකූල උරුමකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top