කලා

5 සමත් දැන් රට පුරා(ඡායාරූප)

(UTV|කොළඹ)  -රූස්සයාය හෙවිලිකන්දේ සමත් පෙරගම්මන මහ කැලෑව මැද පිහිටි කුඩා නිවසක මවද පියාද සොහොයුරියද සමග දිවිගෙවන වයස අවුරුදු දහයක පමණ දරුවෙක් වටා ගෙතුණු කතාවකි “5 සමත්” චිත්‍රපටය.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සමත්ට, ඒ පිළිබඳව වගේ වගක් නැත. ඔහුගේ දෛනික කාර්යයන් අතර ප්‍රමුඛ වන්නේ කැලෑවේ පිහිටි සියලු දොල පහර වලට ඉහළින් පිහිටා ඇති තම පවුලේ එකම ජීවනෝපාය මාර්ගය වන කුඹුරු කෑල්ලට ජලය ලබා ගැනීමයි.

පාදයක ආබාධයක් සහිත අප්පච්චීද නොවිඳිනා දුක් විඳින මවද දෙස මහ මෙරක බරකින් දිනපතා බලන සමත් කෙසේ හෝ කුඹුරට ජලය සැපයීමට වෙහෙසයි. ඊට අමතරව ගමට විදුලිය ලබා ගැනීම, වෙසක් උත්සවයට ගමේ කැරකෙන කූඩුවක් සෑදීම වැනි දෑ සමත්ගේ සිහින අතර වෙයි. පහ ශිෂ්‍යත්වය ඔහුගේ සිහින අතර නොමැති තරම්ය.
තිසුල් සහ සයුනි නම්වූ සම වයසේ මිතුරන් දෙදෙනා සමග කැලය පුරා දුවපැන ඇවිදිමින් හෙවිලි කන්දේ රූස්ස බවින් වැහුණු ජීවිතය එළිපෙහෙළි කර ගැනීමට වෙහෙසන සමත්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ අප්පච්චී කිතුලෙන් වැටී පාදයක් මුලුමනින්ම අහිමිව යාමත් සමගය. මේ සියලු බාධක මධ්‍යයේ සමත්ට පහේ ශිෂ්‍යත්වයටද මුහුණ දීමට සිදුවෙයි…

ඔහු ශිෂ්‍යත්වය ජයගෙන සැබෑ සමතකේ වෙයිද… නරඹන්න “5 සමත්”

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ තෙවැනි සිනමාපටය වන 5 සමත් රසික සුරවීර ආරච්චි ගේ තිර රචනයක්. උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, සෙමිනි ඉද්දමල්ගොඩ, අයිරාංගනී සේරසිංහ, දයාදේව එදිරිසිංහ, මැල්කම් මචාඩෝ, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනවිරත්න, මල්කාන්ති ජයසිංහ, සද්ධා මංගල සුරියබණ්ඩාර, ආශා එදිරිසිංහ, සරත් චන්ද්‍රසිරි, ඇතුළු ප්‍රවීන නළු නිළියන් රැසක් 5 සමත් හැඩකරනවා. තුසිත අනුරාධගේ කැමරාවත්, රවින්ද්‍ර ගුරුගේගේ සංස්කරණයත්, කපිල පුගල ආරච්චිගේ සංගීතයත් සිනමාපටයට දායකත්වය ලබාදී තිබෙනවා.

“5සමත්” නිව් ඉම්පීරියල් ටෝකිස් නිශ්පාදනයකි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/04.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top