දේශීය

බන්ධනාගාර රැඳවියන්ටත් කොවිඩ් මර්දන එන්නත

(UTV | කොළඹ) – කොළඹ බන්ධනාගාර රැඳවියන් සඳහා අද (05) දින සිට Sinopharm එන්නත ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව, කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි වැලිකඩ, මැගසීන් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල එන්නත්කරණ වැඩපිළිවෙළ අද (05) ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනෙක් බන්ධනාගාර සඳහා ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top