දේශීය

2021 වසරට අදාළව අගමැති විසින් ඉදිරිපත් කළ අයවැය සම්පුර්ණව[UPDATE]

(UTV | කොළඹ) – 2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුු ලැබීය

  • 01:47 PMඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය කථාව ආරම්භ කළේය.
  • රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.
  • 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.
  • ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි
  • විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
  • රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.
  • දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.
  • වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.
  • ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.
  • විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.
  • ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.
  • අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති.
  • ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.
  • රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.
  • බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.
  • නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.
  • පොලිස් සේවය ශක්තිමත් කෙරේ.
  • ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.
  • සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.
  • තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.
  • බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා.
  • ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.
  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.
  • ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.
  • හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.
  • කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනය දී තාවකාලිකව අහිමිවන ජීවනෝපාය සඳහා රැකවරණයක් ලබා දීමට නව රක්ෂණ ක්‍රමයක්. සේවක සංඛ්‍යාව 50ක් හෝ ඊට වැඩි ආයතනවල පිරිවැටුම් සියයට 0.25ක රක්ෂණ දායකත්වයක් අය කර ගැනීමට යෝජනා.
  • සිල්ලර හා හෝටල් සඳහා ද මේ රක්ෂණ ක්‍රමය යොදා ගැනේ.
  • සියලු රාජ්‍ය සේවාවල අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ ක්‍රමය ද රජයේ දායකත්වෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
  • දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර.
  • රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 – 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.
  • දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර.
  • ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සැලකේ. ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරේ.
  • නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්.
  • දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 250ක්.
  • විදෙස්ගතව රැකියාකරන අය සඳහා 2013 දී යෝජනා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ක්‍රියාත්මක කෙරේ.
  • කිරිපිටි ආනයනයට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් වැයවේ. එය අඩුකිරීමට දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කෙරේ.
  • ධීවර සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීමට රුපියල් මිලියන 500ක්.
  • අක්කර 6500ක කජුවගා කිරීමට පියවර.
  • 2021 ජනවාරි සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කෙරේ.
  • මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් සහ මෙගාවොට් 600 ක ස්වභාවික වායු බලාගාරයක් කඩිනමින් ඉදිකරනවා.
  • සංචාරක ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදුන් ණය නැවත ගෙවීමේ කාලය 2021 සැප්තැම්බර් 30 දක්වා දිර්ඝ කෙරේ.
  • අඩු ආදායම්ලාභී නිවාස 100,000ක් සඳහා සුර්යකෝෂ පැනල ලබා දීමට යෝජනා කෙරේ.
  • මැණික් අපනයනයේදී වසර 03ක අපනයන බදු විරාමයක්.
  • වාහන අමතර කොටස් සඳහා ආනයන බදු අඩු කිරීමට යෝජනා.
  • මුල්‍ය සමාගම් නියාමනයට ශක්තිමත් වන ආයතිනක ව්‍යුහයක් ගොඩනැගීමට අදහස් කෙරේ.
  • පවතින ආයතන ශක්තිමත් කිරීමට ඒකාබද්ධ කටයුතු කිරීමේ හැකියාව සොයාබැලේ.
  • බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණයට  ශක්තිමත්  ව්‍යුහයක් ඇති කිරීමට නව නීතී.
  • නීති කෂේත්‍රයේ කටයුතු කඩිනම් කිරීමට සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 20ක්.
  • 2007 සමාගම් පනතට කාලීන වෙනස්කම් සිදුකර ජනවාරි මස එළිදක්වනවා.
  • ක්‍රීඩාවේ  උන්නතිය වෙනුවෙන් සූරියවැව ප්‍රදේශයට නවීන ක්‍රීඩා නගරයක්
  • දේශිය නිෂ්පාදන , කෘෂි ද්‍රව්‍ය හැර සෙසු  කෘෂි භාණ්ඩ ආනයනයේ දී විශේෂ ආනයන බද්දක්
  • කණිජ වැලි, පොස්පේට් ඉහළ වටිනාකමින් යුක්ත ලෙස නැනෝ තාක්ෂණය භාවිතා කර ඒවා දියුණූ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන් කරනවා.
  • කොසු, ඉදල්, පාපිසි, පොල් ආශ්‍රීත කර්මාන්ත ඇතුළු ද්‍රව්‍ය ගෘහස්ත ආශ්‍රිත කර්මාන්ත ලෙස දියුණු කිරීමට යෝජනා කරනවා.
  • ආසියා පැසිෆික්, බටහිර රටවල් වල ව්‍යාපාරික අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමටත් ඒ සඳහා ඇති බාධා ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.
  • රාජ්‍ය සේවකයින් සඳහා විදුලිබිල්පත් අඩු කිරීමට සුර්යකෝෂ ලබා දීමට ණය යෝජනා ක්‍රමයක්.
  • රාජ්‍ය සේවකයින්ගේ නිවාස හා අතිකාරම් ණය සඳහා උපරිම පොළිය සියයට 7ක් දක්වා අඩු කිරීමට පියවර.
  • අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැනීමේ වයස රාජ්‍ය අංශයේ අවුරුදු 60ක් හා පෞද්ගලික අංශයේ 55ක් ලෙස නියම කර තිබෙනවා. පවත්වා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන කාන්තා හා පිරිමි විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දීර්ඝ කරනවා.
  • සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙදසැල් ආරම්භ කරනවා. මේ සදහා රුපියල් මිලියන 1000ක අතිරේක ප්‍රතිපාදන ලබාදෙනවා.
  • ග්‍රාමීය ජනතාවට ධාන්‍ය ගබඩා කිරීමට බහාලුම් කන්ටේනර ලබාදෙනවා. ප්‍රාදේශීය සභාවල කැළි කසල කළමණාකරණයට රුපියල් මිලියන 3000ක් ලබාදෙනවා.
  • සතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීමට රුපියල් මිලියන 3000ක්.
  • කොළඹ වරාය නගරය ආකර්ශනී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. එහි සංචාරක හා වාණිජ කටයුතු 2021දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ සදහා විශේෂ නීති පද්ධතියක් ජනවාරි මාසයේදී ස්ථාපිත කරනවා. එහි දේශීය සේවකයන් විදේශ ව්‍යවහාර මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙනවා.
  • මෙය කඩාවැටුණු ආර්ථිකයක් ගොඩනැංවීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන අයවැයක්. ආයෝජන අවස්ථා රාශියක් ඇති සංවර්ධන අයවැයක්.
  • රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර, රාජ්‍ය වියදම රුපියල් බිලියන 3525ක් වේ.
  • අයවැය හිගය රුපියල් බිලියන 1564කි.
  • 2021 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 5.5%ක් වනු ඇත. 2021 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සංග්‍රහය හදුන්වා දෙනවා. 2025 වසරේ අයවැය හිගය 4%ක් බවට පත් කරනවා.
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වසර සදහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2021 අයවැය විවාදය කල් තැබීම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකළේය.
  • ඒ අනුව හෙට (18) උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top