දේශීය

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද

(UTV | කොළඹ) – 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හා සිසුන්ට නිල ඇඳුම් බෙදා දීමේ නිල උත්සවය අද (15) පැවැත්වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසලේදීයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය සඳහන් කළේ, පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ට මෙහිදි සංකේතාත්මකව නිල ඇඳුම් ප්‍රදානය කරන බවය.

මීට සමගාමීව උසස් පෙළ පන්ති සඳහා ටැබ් පරිගණක බෙදා දීම ද අද ආරම්භ කරන බව ඇය පැවසුවාය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top