දේශීය

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

(UTV | කොළඹ) -හෙට (22) පස්වරුවේ කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.

මේ අනුව හෙට පස්වරු 3.35 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර නගරාන්තර දුම්රිය ද , මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට බෙලිඅත්ත නගරාන්තර දුම්රිය ද ධාවනය කෙරෙනු ඇත.

දැනට කාර්යාල සේවක සේවිකාවන් සදහා මහනුවර සහ බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය දෙකට අමතරව මෙම නගරාන්තර දුම්රිය දෙක ධාවනයට යොදවා ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top