විදෙස්

හමාස් භූගත කඳවුරක් ගැනත් තොරතුරු එළියට

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී මාසයක් ගතවී තිබිය දී ගාසා හි උතුරු කලාපය හුදකලා කර වටකරගැනීමට තමන්ට හැකිවූ බව ඊශ්‍රායල හමුදා නිවේදනය කර තිබේ.

 

ඒ, ගාසා තීරයේ ගැටුම් සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරතවන පසුබිමකය.

 

ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට මාසයක් ගතව තිබේ.

 

ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල ගම්මානවලට ඇතුළු වී සිදුකළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය තවමත් ගාසා තීරය වෙත නොනැවතී ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටී.

 

ඒ පලස්තීන දරුවන් ඇතුළු දස දහසකට පමණ ජීවිත අහිමි කරමිනි.

 

ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා අද (06) නිවේදනය කළේ, ගාසා තීරය කොටස් දෙකකට වෙන්කර උතුරු ගාසාව හුදකලා කිරීමට තමන්ට හැකිවූ බවය.

 

මේ සමඟ උතුරු ගාසා කලාපයට එල්ල කරන ප්‍රහාර ද ඔවුන් තවත් තීව්‍ර කර ඇත.

 

ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බව ඊශ්‍රායලය පවසයි.

 

ඔවුන්ට අනුව එය පිහිටා ඇත්තේ ගාසා හි රෝහල්වලට පහළින් බව වාර්තා වේ.

 

මේ අතර ප්‍රහාරවලට සමගාමීව ගාසා හි සන්නිවේදන පහසුකම් මුළුමනින්ම අවහිර වී තිබේ.

 

ඒ අනුව එහි දුරකථන සහ අන්තර්ජාල සේවා සියල්ල ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

 

දැනටත් උතුරු ගාසාහි ලක්ෂ 4ක පමණ සිවිල් වැසියන් පිරිසක් රැඳීම හේතුවෙන් ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර ලෝක ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.

 

කෙසේ නමුත් ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට දකුණු කලාපය වෙත ඉවත්වයාමට අවශ්‍ය මානුෂීය කොරිඩෝව විවෘත කර ඇති බවය.

 

ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීමට මේ වනවිට අමෙරිකාව පවා උත්සහ දරමින් සිටී.

 

එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මේ වනවිට මැදපෙරදිග සංචාරයක නිරතවන්නේ එහි එක් පියවරක් ලෙසය.

 

ඒ අනුව ඔහු ඊයේ බටහිර ඉවුර වෙත හදිසි සංචාරයක නිරතවෙමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමුවිය.

 

එහිදී අබ්බාස් පවසා තිබුණේ මේ වනවිට ගාසා හි සිදුවන වාර්ගික සමූල ඝාතනයක් සිදුවන බවය.

 

මේ අතර බ්ලින්කින්ගේ සංචාරයට එරෙහි

ව බටහිර ඉවුරේ විරෝධතා ද පැවත්විය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top