දේශීය

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳින්න

(UTV| කොළඹ) – භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අලුත්වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ ප්‍රාර්ථනා කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top