ගොසිප්

සුනඛයන්ට ආහාරයක් වූ ඉන්දියාවේ කොරෝනා මළසිරුරු [PHOTOS]

(UTV | ඉන්දියාව) – කොවිඩ් 19′ වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අන්දමට ගංගා නදිය දිගේ පහළට ගසා ගෙනැවිත්, ඉවුරුවල රැදුණු මළසිරුරු 100 කටය වැඩි ගණනක් සෞඛ්‍ය බලධාරීන්ට හමුවී ඇත. ඒවා ගං ඉවුරේම දර සෑයක් සකසා ආදාහනය කළේ යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් ගංගා නදියට මළසිරුරු එක් වුණු ආකාරය මෙතෙක් පැහැදිලි වී නැත.

ප්‍රාන්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිරුරු ආදාහනය කිරීමේ දී වැයවන අධික පිරිවැය නිසා දුප්පතුන්ට මෙලෙස මළ සිරුරු ගංගාවට එක් කිරීමට බලපෑමක් ඇතිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

“ශරීරයක් ආදාහනය කරන්න මුදල් වැය වෙනවා. ඒ නිසා දිළිඳු ජනතාව ගංගා නදියට මළ සිරුරු දානවා. මෙම සිරුරු අයාලේ යන බල්ලන්ගේ ගොදුරු බවට පත් වෙනවා,” යනුවෙන් එරට සමාජ ක්‍රියාකාරිකයකු වන අශ්වින් වර්මා පවසා ඇත.

කෙසේ වෙතත් චෞසා ගම්වාසීන් පවසා ඇත්තේ, “ප්‍රාදේශීය නිලධාරීන් එම ස්ථානයට පැමිණ, ගං ඉවුරේ සිට පාවෙන සිරුරු දෙස බලා ආපසු ගිය,” බවය.

These visuals will disturb you. Bodies float in Ganga in Bihar's Buxar as a  nation mourns - Coronavirus Outbreak News

No description available.

COVID DREAD: Over 150 dead bodies found afloat in Indian's Ganga river

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top