දේශීය

සියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයි

(UTV| කොළඹ) – දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් අද (09) දිනයේදී පැය 8 ක කාලයක් විවෘත කර තැබෙනු ඇත.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා සියලු ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවෙයි.

රජයෙන් ලද එම අවසරය අනුව නීති රිති වලට එකගව පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයින්ට දැනුම් දුන් බව සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය.

ඒ අනුව මේවන විට දිවයින පුරා ඖෂධ වෙලෙඳ සැල් 3200 ක් අතුරින් වැඩි ප්‍රමාණයක් අද විවෘත කර තැබෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top