දේශීය

සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කෙරේ

(UTV | කොළඹ) – රට පුරා සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී විවෘත කර තැබීමට රජය තීරණය කර තිබේ.

මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ අද පැවති රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීම ඇතුළු තීරණ රැසක් ගෙන් ඇත.

ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ලියාපදිංචි ආයුර්වේද බෙහෙත් ශාලා අතුරින් අවම වශයෙන් එක් බෙහෙත් ශාලාවකට ඇඳිරි නීති කාලය තුළ ස්වකීය සේවා ජංගම වශයෙන් පවත්වා ගෙන යාමට අවසර දීම, මේ දිනවල විශාල වශයෙන් පරිභෝජනයට ලක්වී ඇති බෙහෙත් ද්‍රව්‍ය වන කොත්තමල්ලි, ඉගුරු සහ වෙනිවැල්ගැට ආනයනයට පියවර ගැනේ.

මිට අමතරව අසාධ්‍ය රෝගීන් නිවෙස්වලට පැමිණ පරීක්ෂා කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන්ට රෝගීන්ගේ වාසස්ථාන වෙත ගමන් කිරීමට අවසර දීම සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි වී ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව මගින් රෝගීන්ගේ නිවාස වෙත රැගෙන ගොස් භාරදීම මීට අයත් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top