කලා

සාර්ක් චිත්‍රපට උළෙල 22දා සිට

(UTV| කොළඹ) – 8වැනි වරටත් සංවිධානය කරනු ලබන සාර්ක් චිත්‍රපට උළෙල 22 දා සිට 27දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.

මැයි 22දා පස්වරු 5.30ට ආරම්භ වන මෙම චිත්‍රපට උළෙල ප්‍රථම චිත්‍රපටය ලෙසින් ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන AGANTHUKAYA චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
මැයි 23දා පෙරවරු 10.00ට භූතාන චිත්‍රපටයක් වන SERGA MATHANG, පස්වරු 1.00ට පාකිස්ථානු චිත්‍රපටයක් වන SALUTE*, පස්වරු 4.30ට ඉන්දීය කෙටි චිත්‍රපටයක් වන GI, පස්වරු 5.05ට බංග්ලාදේශ චිත්‍රපටයක් වන KHACHA, පස්වරු 7.20ට මාලදිවයින් කෙටි චිත්‍රපටයක් වන STATUS, පස්වරු 7.35ට භූතාන චිත්‍රපටයක් වන HUM CHEWAI ZAMLING තිරගත කෙරේ.
මැයි 24දා පෙරවරු 9.30ට මාලදිවයින් කෙටි චිත්‍රපටයක් වන BITHUFANGI, පෙරවරු 10.15ට මාලදවයින් චිත්‍රපටයක් වන HAHDHU*, පස්වරු 1.00ට බංග්ලාදේශ් කෙටි චිත්‍රපටයක් වන DAAG, පස්වරු 1.30ට පාකිස්ථානු චිත්‍රපටයක් වන SHANAKHT*, පස්වරු 4.00ට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන  28, පස්වරු 6.00ට ඉන්දීය චිත්‍රපටයක් වන KSHITIJ, පස්වරු 8.00ට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් වන  FIRE OF LIFE, පස්වරු 8.30ට පාකිස්ථානු චිත්‍රපටයක් වන CHAIN AYE NA* ද තිරගත කෙරේ.
මැයි 25දා පෙරවරු 11.30ට බංග්ලාදේශ චිත්‍රපටයක් වන AKHI & HER FRIEND*, පස්වරු 2.00 ට ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයක් වන MATA NAM AHUNA, පස්වරු 2.30ට ඉන්දියානු චිත්‍රපටයක් වන BISORJON *, පස්වරු 3.00ට මාලදිවයින් චිත්‍රපයක් වන 4426, පස්වරු 8.00ට පකිස්ථාන චිත්‍රපටයක් වන BLIND LOVE
මැයි 26දා පෙරවරු 10.00ට බංග්ලාදේශ කෙටි චිත්‍රපටයක් වන KALO MEGHAR VELA, පෙරවරු 10.45ට ඉන්දියානු චිත්‍රපටයක් වන POORNA, පස්වරු 12.30ට පකිස්ථානු චිත්‍රපටයක් වන  VERNA, පස්වරු 3.30ට බංග්ලාදේශ චිත්‍රපටයක් වන HELDA, පස්වරු 6.30ට ඉන්දියානු කෙටි චිත්‍රපටයක් වන tHE WATERFALL, පස්වරු 7.00ට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන BAHUCHITHAWADIYA ප්‍රදර්ශනය කෙරේ.
මැයි 27දා පස්වරු 6.00ට සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top