ගොසිප්

සරත්ලා පියුමි නිසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

(UTV | කොළඹ) – පසුගිය දින කිහිපය තුළ තමා සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.  

අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමතිවරයා සඳහන් කළේ නිරෝධායනය සඳහා යමින් සිටි පිරිසක් නැවත ගෙන්වා ගැනීමට කටයුතු නොකළ බවයි. ඒ සඳහා තමන් කිසිවිටෙකත් බලපෑම් සිදු නොකළ බවත්, තමන් සිදුකළේ ඔවුන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදීම පමණක් බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ එය මානුෂිකත්වය සලකා ගත් පියවරක් පමණක් බවයි.

තමා පමණක් නොව තමාගේ පුත්‍රයා සම්බන්ධ කර ගනිමින්ද විවිධ අසත්‍ය ‍චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා සියල්ලම සම්පූර්ණ අසත්‍ය බවත් ඇමතිවරයා පවසනවා. වසර 45 ක හමුදා සහ දේශපාලන ජීවිතයේ තවත් කිසි කලෙකත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සඳ බබලන විට බල්ලන් බුරන බවත්, නරි හූ කියන බවත් පෙන්වා දෙන සරත් වීරසේකර මහතා පවසන්නේ තමන් අසත්‍ය ප්‍රචාරවලින්, මඩ ප්‍රහාරවලින් නොසැලී කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද මේ සම්බන්ධයෙන් අද පාර්ලිමෙන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකරනු ලැබීය.

ඔහු සඳහන්කර සිටියේ නිරෝධායන ක්‍රියාවලියේදී පවා දේශපාලන බලය සහිත පුද්ගලයන්ට විශේෂ සැළකිලි ලබාදෙන බවත්, පසුගිය කාලයේදී වියපත් බඹරෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව රටම දැනගත් බවත්ය.

එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය හිමිවිය යුතු පුද්ගලයන් වෙනුවෙට දේශපාලන බලය, මුදල් බලය මත දිනපතා සිය දහස් ගණනකට එන්නත් ලබා දී ඇති බවත් පොලිස් මූලස්ථානය හරහා ක්‍රියාත්මක වන කොළඹ ප්‍රදේශයේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයක දිනකට මෙවැනි පුද්ගලයන් 300 කට පමණ එන්නත් ලබාදෙන බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top