දේශීය

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

(UTV| රාගම) –  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිලාගේ සබීත දිනේෂ් හෙවත් සබීත යන තැනැත්තාව ඊයේ (17) දිනයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රාගම – හොරපේ දුම්රියපොළ ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා තොගයක් මෙන්ම මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු රාගම ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයකට අදාළව ගම්පහ මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටින සැකකරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top