ගොසිප්

සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු නවතී

(UTV |කොළඹ) – දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති, මෙහෙයුම් සහ කළමනාකරණ ඒකක රැසක් එළඹෙන ජනවාරි මස සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි.

එම අමාත්‍යාංශය නිකුත් කර ඇති 2021 – 2023 මධ්‍ය කාලින රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිලියෙල කිරීම සහ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ මේ බව සඳහන් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව 2021 වසරේ සිට මෙම ඒකක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශවලට යොමු කෙරෙන්නේ නොමැත.

ඒ සඳහා කෙටුම්පත් කළ නව චක්‍රලේඛයට පසුගිය ඔක්තෝම්බර් 8 වනදා අනුමැතිය ලබා දී තිබේ.

එහි දැක්වෙන්නේ ව්‍යාපෘති කළමනාකරණ ඒකක ශාඛා කාර්යාලවල පහසුකම් සහ වැටුප් ව්‍යාපෘති අයත් අමාත්‍යාංශවල වියදම් සීමාව ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පෙන්වා දී ඇති බවයි.

එමෙන්ම, ආර්ථිකය ප්‍රතිසාධනය කිරීමේදී පවත්නා සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය කළමණාකරණය කිරීම හා රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබේ.

එමෙන්ම, රාජ්‍ය ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු වේ.

නමුත් දැනට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ගොඩනැගිලි නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහාභාණ්ඩාගාර දැනුවත් කිරීමෙන් පසු ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල නිකුත් කළ මෙම විශේෂ චක්‍රලේඛයේ දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top