දේශීය

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජය නව වැඩපිළිවෙලක් අරඹයි

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට සහන සැලසීමට රජය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත්තේ එහි ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සහ රියදුරන් සඳහා රුපියල් 20,000 ක සහ රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමටයි.

එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමුකළ හැකියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top