ගොසිප්

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

දැනට ඇදහැලෙන වර්ෂාව නිසා විදුලිබලය අඛණ්ඩ සැපයීමට හැකි ව ඇති නමුත් සති කිහිපයක් වර්ෂාව නැවතුනහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් පෞද්ගලික විදුලි උත්පාදනය ක‍්‍රියාත්මක කිරීමට ඉන්ධන අර්බුදය හේතුවෙන් නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික තාප විදුලි බලාගාරවලින් ද දැවිතෙල් ප්‍රශ්ණය හේතුවෙන් විදුලිය නිපදවීමට හැකියාවක් නැති වනු ඇති බවද ඒ මහතා කියයි.

නොරොච්චෝල බලාගාරය ගල් අගුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම නිසා එම බලාගාරයේද විදුලි නිෂ්පාදනය අහිමි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යාංශය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top