ගොසිප්

වෛද්‍ය පාදෙණියගේ සාදයට කොරෝනා රෝගියෙකු පැමිණෙයි

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පසුගිය  08 වනදා සාදයක් පවත්වා තිබේ.

ඊට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරුව ඇත.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව ඇති බව වාර්තා වේ.

ආසාදිත වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී තිබේ.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වනවා. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරුව තිබෙනවා.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව ඇති බව වාර්තා වනවා.

පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී තිබුණා.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන අතර මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත.

ඔහු මේ වන විට අංගොඩ ​ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇති බව වාර්තාවේ.

ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවෘත  නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමයි.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ.

ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top