දේශීය

වේල්ලවීදියෙන් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස සොයා විමර්ශන තවදුරටත්

(UTV | කොළඹ) – කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මිය ගිය තරුණියගේ සිරුර හඳුනා ගැනීම සඳහා ඇයගේ මවගෙන් සහ ළඟම ඥාතීන්ගෙන් සාම්පල රැගෙන DNA පරීක්ෂණය සිදු කරන බවයි.

ඔවුන් ලැඟුම් ගෙන සිටි හංවැල්ල නවාතැන්පොළේ කාමරයෙන් ලේ සලකුණු කිහිපයක් වැඩිදුර පරීක්ෂණවලදී සොයාගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ඝාතනයේ සැකකාර මිය ගිය උපපොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මොණරාගල, සිරිගල රෝහලේ සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය තරුණියගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට ද පොලීසිය පියවර ගෙන ඇත.

ඒ අනුව, ඝාතනයට ලක්වූ තරුණියගේ සහ ඇයගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පල ඊයේ දිනයේ ලබාගත්තේය.

ඝාතනයට ලක් වූ තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඝාතනයට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර 5 කණුව ප්‍රදේශයේ නිවස අසළ කැලෑබද ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබුණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top