දේශීය

වෙළඳපොලෙන් ගත් පොල්තෙල් සාම්පල 109ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

(UTV | කොළඹ) – වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට අනාවරණ වූ බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.   

පාරිභෝගික අධිකාරිය, වෙළඳපොලෙන් අදාළ සාම්පල ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සමාගම් 3 ක් විසින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිලිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණය ඇතුළු ආයතන 3 ක් මගින් පසුගියදා තහවුරු කළ අතර, ඉන් එක් සමාගමක පොල්තෙල් බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනයට වරාය පර්යන්ත වෙත පසුගිය 6 වනදා යොමුකළ ද මේ දක්වා ඒවා නැව්ගත කර නැහැ.

කෙසේ වෙතත්, සෙසු සමාගම්වල තෙල් තොග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තවදුරටත් එම ගබඩාවලට මුද්‍රා තබා තබා ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top