දේශීය

‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් කරන්නැයි යෝජනාවක්

(UTV| කොළඹ) – ‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් බවට පත් කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කරයි.

එමෙන්ම , ආණ්ඩුව නියම කරන මිල ගණන්වලට හා නීතිවලට අනුගත නොවන මෝල් රජයට පවරා ගැනීමටත් කටයුතු කරන්නැයි ඔවුන් ඉල්ලා සිටී.

වී මිලට දුන් සහතික මිලට ගැලපෙන සහතික සහල් මිලක් ආණ්ඩුවම තීරණය කළ යුතු යැයි ද , රජයට අයත් වසා දමන ලද වී මෝල් හා සතොසට අයත් වී මෝල් වහා විවෘත කිරීමටත් සහන දෙමින් කුඩා මෝල් හිමියන්ට ණය ඇතුළු සහන සැලසීමට කටයුතු කළ යුතු බව ද එම සම්මේලනය සඳහන් කරයි.

රට තුළ සහල් හිගයක් නැතැයි ද එය මවා පාන්නේ මහාපරිමාණ මෝල් හිමියන් බව වගකීමෙන් යුතුව කියා සිටින බව ද මෙරට පරිභෝජනය සදහා වසරකට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 24 ක් වන නමුත් වසරක දී මෙරට වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 50කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන බව ඔවුන් සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top