ගොසිප්

විස්සයි – 20 තරගාවලි සඳහා අලුත් නායකත්වයක්

(UTV | කොළඹ) –  මාර්තු මස පැවැත්වීමට නියමිත විස්සයි – 20 තරගාවලියේදී නව නායකයකු පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එළඹෙන මාර්තු මස 04 වැනිදා හා 06 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන විස්සයි – 20 තරගාවලියේදී නව නායකයකු පත්කිරීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරගාවලියේදී පත්වන නායකයා ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙහෙයවනු ඇති බවද දැනගන්නට ලැබේ.

ශ්‍රී ලංකා විස්සයි – 20 නායක ලසිත් මාලිංගගේ නායකත්වයේ ඇති අඩුපාඩු රැසක් පිළිබදව ද පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ අතර , ඔහුගේ ශරීරයේ බර සම්බන්ධයෙන්ද වත්මන් පුහුණුකාරීත්වය ඔහුට අනතුරු සංඥා නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top