දේශීය

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් මීට සහභාගීවීමට නියමිතයි.

සරසවි සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.

ඒ අනුව එක් එක් විශ්ව විද්‍යාලයේ එන්නත්කරණයට ලක්කර ඇති සිසුන් සංඛ්‍යා පිළිබඳ වාර්තා සළකා බැලීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියා.

ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළදී විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවතත් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top