ගොසිප්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙක් කොරෝනට ගොඳුරු වෙයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව ද ඒ අතරින් සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකුද , බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති අතර  ,ඊට අමතරව ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top