විදෙස්

වැග්නර් හමුදාව පසුබැස්ස හේතුව

මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබේ.

 

වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කර ඇත්තේ ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බවය.

 

බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව වැග්නර් හමුදාව රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

වැන්ගර් කුලී සේනාංක යනු යුක්‍රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වූ කුලී සේනාංකයකි.

 

කෙසේවෙතත් එම සේනාංක මොස්කව් සිට කිලෝ මීටර 1,100 ක් දකුණු දිගින් පිහිටි රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වූයේ යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමා හරහා ගමන් කරමිනි.

 

මෙම වැන්ගර් කුලී හමුදා සේනාංකය රුසියාව තුළ කැරැල්ලක් දියත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග රුසියාවේ ආරක්ෂාව තර කරමින් මොස්කව් ඇතුළු නගර කිහිපයක ත්‍රස්ත විරෝධී පියවර අනුගමනය කිරීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබුණි.

 

මොස්කව් අගනුවර සහ කුලී හමුදාව ඇතුළු වී සිටින රොස්තව් – ඔන් – දොන් නගරය යා කෙරෙන ප්‍රධාන මාර්ගය ද ඒ අනුව වසාදැමීමට පියවර ගත්තේය.

 

රොස්තව් – ඔන් – දොන් නගරයේ පිහිටා ඇති දක්ෂිණ හමුදා දිස්ත්‍රික් මූලස්ථානය වැග්නර් හමුදා සිය ග්‍රහණයට නතු කර ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

මෙහි දී වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය යුනුස්බෙක් යෙෆ්කොරෆ් අතර හමුවක් ද පවත්වා ඇත.

 

එහි දී හමුදා ඉවත් කරගන්නා ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම් වැග්නර් ප්‍රධානීයා ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

 

වැග්නර් සේනාංකය, හමුදා කුමන්ත්‍රණයක් දියත් කරන බවට රුසියාව චෝදනා කරන අතර වැග්නර් හමුදා පවසන්නේ රුසියානු හමුදා ප්‍රධානියා සමස්ත ජාතියම රවටමින් සිටින බැවින් රුසියානු හමුදා නායකත්වය බිඳහෙළීම පමණක් සිය අරමුණ වන බවය.

 

ඒ අනූව වැග්නර් හමුදාව මොස්කව් දක්වා ගමන් ආරම්භ කරමින් සිටියේය.

 

වැග්නර් හමුදා, රස්තොව් ඔන් දොන් සහ මොස්කව් අතර පිහිටි වරෝනේෂ් වෙත ළඟාවීම වළකමින් රුසියානු හමුදා M -4 මාර්ගයට ගුවන් ප්‍රහාරයක් ද එල්ල කළේය.

 

ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා රුසියානු හමුදාව වරොනේෂ් හි ඉන්ධන ගබඩා සංකීර්ණයක් ද පුපුරුවා ඇත.

 

කෙසේ වෙතත්, වැග්නර් හමුදාව රුසියානු ගුවන් සන්නිවේදන යානාවක් සහ හෙලිකොප්ටර් යානයක් ඊයේ වෙඩි තබා බිමහෙළා තිබුණි.

 

රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ නිර්භීතව කටයුතු කරන ලෙසට තමන් වැසියන්ගෙන් සහ බලධාරීන් ඉල්ලා සිටින බවය.

 

සටන් කරනුයේ තම මිනිසුන් වෙනුවෙන් බැවින් අනාගතය තීරණය කරන මෙම සටනේ දී සියල්ලන් එක්ව කටයුතු කළ යුතු බවද ඔහු පවසා ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top