දේශීය

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තවල මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කෙරේ.

එම අධිකාරිය පවසන්නේ කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් කොළඹ වරායේ පර්යන්තවලට පසුගිය ගිය සතියේ දී යම් බලපෑමක් සිදුවූ බවයි.

ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයට ම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 අධි වසංගත තත්ත්වය මර්ධනයට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා චක්‍රලේඛවලට අනුගතව එම මෙහෙයුම් නිසි පිරිදි සිදු කෙරෙන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top