ගොසිප්

වගා ළිඳක සිරවී ජීවිතය යදින පුංචි සුජිත් [VIDEO]

(UTV| කොළඹ) – ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප‍්‍රදේශයේ අතහැර දැමූ වගා ළිඳක කුහරයක් තුළ සිරවී සිටින අවුරුදු දෙකක් වයසැති සුජිත් නමැති කුඩාදරුවා මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට අඛණ්ඩව සිදුකරනු ලබයි.

තෙවන දිනටත් ක්‍රියාත්මක මෙම මෙහෙයුම සඳහා විශේෂ කැනීම් යන්ත‍්‍රයක් ද යොදාගෙන තිබෙන අතර , දරුවා සිරවී සිටින කුහරය අවට ප‍්‍රදේශය පාෂාණ තට්ටුවකින් ආවරණය වී තිබීම හේතුවෙන් මෙම මෙහෙයුම මන්දගාමී වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

දරුවා අඩි 70 ක් පමණ ගැඹුරේ සිර වී සිටින බව තහවුරු වී ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා තවත් කුහරයක් සෑදීමට කැනීම් ආරම්භ කළේය.

ඒ අනුව මෙහෙයුමේදී යොදාගෙන ඇති කැනීම් යන්ත‍්‍රයෙන් පවා පැයක් තුළදී කැනීම් සිදුකළ හැක්කේ අඩි 03 ක් හෝ අඩි 05 ක ප‍්‍රමාණයක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (27) රාත්‍රිය වනවිට අඩි 35 ක කුහරයක් නිර්මාණය කිරීමට සහන කණ්ඩායම් සමත්ව තිබූ අතර ඔවුන්ගේ අරමුණ අඩි 100 ක කුහරයක් නිර්මාණය කිරීමයි.

සුජිත් සිරවී සිටින කුහරයට මීටර් 03 ක් පමණ දුරින් සකස් කරන මෙම කුහරයේ සිට මීටරයක පමණ පළලකින් යුත් උමගක් සාදා දරුවා සිටින ස්ථානයට ළඟාවීම සහන කණ්ඩායම්වල අපේක්ෂාවයි.

එම ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් සහන මෙහෙයුම්වලට බාධා එල්ල වූ අතර , දරුවා සිරවී සිටින ළිං කුහරය තුළට ජලය ඇතුළු නොවන පරිදි ආරක්ෂිත ආවරණ යොදා එම ළිං කුහරය ආවරණය කර ඇති බව ද සඳහන්.

දරුවා යම් යම් ප්‍රතිචාර දක්වමින් සිටියත් මේ වන විට කිසිඳු ප්‍රතාචාරයක් නොදක්වන බැවින් ඔහු සිහිමුර්ජා තත්ත්වයේ සිටින බවට විශ්වාස කරයි.

සිදුකෙරෙන කැනීම්වලින් දරුවාට කම්පන තත්ත්වයන් ඇති නොවන පරිදි මෙහෙයුම සිදුකිරීමට සහන සේවකයින් උත්සහ දරමින් සිටී.

දරුවා මුදාගැනීමට සමත්වුවහොත් ඉක්මනින් සහන සේවා සැපයිය හැකි වන පරිදි ගිනිනිවන භටයින් සහ සහන සේවකයින් 200 ක්, පරීක්ෂකවරුන් 20 දෙනෙකුත්, රජයේ රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ගිලන් රථ 02 ක් ද අදාළ ස්ථානය තුළ සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

දරුවාට අවශ්‍ය ඔක්සිජන් වායුව කුහරය තුළට සැපයුවත්, ජලය හා ආහාර නොමැතිකමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවිනිශ්චිත බවට ඉන්දීය බළධාරීන් සඳහන් කරයි.

මේ වනවිට පැය 60 ක පමණ කාලයක් පුරා දරුවා එම කුහරය තුළ සිරවී සිටින අතර මුළු මහත් ඉන්දියාවම දෑස් දල්වා බලා සිටින්නේ කොයිම හෝ මෙහොතක දරුවා නිරුපද්‍රිතව බේරාගන්නා තුරුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top