ගොසිප්

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි..

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ.

එම තරගය ලබන 18 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top