විදෙස්

ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්

(උදයම්,ඇමෙරිකාව)  –   2015 වසරේ පැරිසියේදී අත්සන් තැබුණු ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එම සම්මුතිය මිහිතලය උණුසුම් වීම සීමා කිරීම සදහා ලොව රටවල් 187 ක එකගත්වයෙන් පිහිට වූවකි.

එය ඇමරිකානු ව්‍යාපාර සහ ශ්‍රමිකයන්ට අවාසිදායක බැවින් සාධාරණ එකගතාවක් සදහා යළි සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ප්‍රතිඥාවක් ද ලබාදී තිබුණේ ඇමරිකාවේ තෙල් සහ ගල් අගුරු කර්මාන්තය, උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවටය.

මෙය ප්‍රධාන පෙලේ ගෝලීය අභියෝගයකින් ඇමරිකාවේ නායකත්වය ගිලිහීමක් ලෙසයි විචාරකයන් පෙන්වා දී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top