ක්‍රීඩා

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදියෙක් වන පීටර් ලාලෝර් මැන්චෙස්ටර් හෝටලයේ එක් බියර් බෝතලයක් සඳහා වැරදීමකින් ඇමරිකානු ඩොලර් 55,000 ක් අය කර තිබේ.

ඔහු ඩොලර් 55,315.12 ක් අය කර තිබු බව සොයා ගැනීමට මවිත වීමට පෙර නගරයේ තිබෙන මැල්මයිසන් හෝටලයේදී ඩොලර් 5.50ක ඩියුචර්ස් අයි.පි.ඒ බියර් බෝතලයක් ඇණවුම් කළේය.

අළු බඳුන තරඟ මාලාව ආවරණය කිරීම සඳහා නගරයේ සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාධ්‍යවේදියා දැන් විශ්වාස කරන්නේ ඉතිහාසයේ වඩාත්ම මිල අධික බියර් පානය කළ බව බවයි

එම හෝටලයේ සිටි සේවකයා පීටර් ලාලෝර්ගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සේවකයා කියා සිටියි.

කෙසේ වෙතත්, එම මුදල් සිය බැංකු ගිණුමෙන් කැපී ගොස් ඇති බවත් එම මුදල් ආපසු ගෙවීමට ව්‍යාපාරික දින 10 ක් ගතවන බවත් එම හෝටලේ සේවකයා තමාට පැවසූ බව පීටර් ලාලෝර් පවසයි.

ඕස්ට්‍රේලියානු පුවත්පත් සඳහා ලියන මෙම මාධ්‍යවේදියා පැවසුවේ කොතැනක හෝ යමක් වැරදිලා තිබෙන බව සිය පංචඉන්ද්‍රියන්ට තේරුම් ගත් පසු එහි සේවකයාට අනතුරු ඇඟවූ බවයි.

පීටර් ලාලෝර් ට්විටර් වෙබ් අඩවියේ පණිවුඩයක් සටහන් කරමින් පවසා සිටියේ,

“ඇය මට බිල්පතක් ඉදිරිපත් කරන විට මගේ කියවීමේ කණ්නාඩි තිබුණේ නැහැ.මම කිව්වා මට රිසිට්පතක් අවශ්‍ය නැහැ කියලා.පසුව ඇය ගියා.”

“කෙසේ වෙතත්,ඇය යමක් මගෙන් විමසුවා. ඒ මම බියර් සඳහා කොපමණ මුදලක් ගෙව්වාද? යනුවෙනි.පසුව ඇය පරීක්ෂා කර, කට වසාගෙන, සිනාසෙන්නට පටන් ගත් අතර,එය මට පැවසීමට ප්‍රහික්ෂේප කළේය. එම සේවකයා වැරැද්දක් සිදුවී ඇති බව තේරුම් ගත බවත් ඇය එය නිවැරදි කරන බවත් පැවසුවේය.
ඇය දිගින් දිගටම සිනාවෙමින් සිටියා.මම ඇයට පැවසුවා එය දැන්ම විසඳිය යුතු බව.තත්වය වඩාත් බැරෑරුම් ලෙස ත්රුම් ගිය ඇය හෝටලයේ කළමනාකරු ගෙන ඒමට ඇය දිව ගිය අතර මුදල් ආපසු ගෙවීමට කවුරුහරි සම්බන්ධ වෙයි, යනුවෙන් පැවසුවා.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top