දේශීය

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

(UTV | කොළඹ) – මිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමූ අතර කෙසේ වෙතත් අද දිනයේ එහි මිල රුපියල් 75 කින් අඩු කර ති​බේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,675 ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දැමූ අතර අද දිනයේ එය රුපියල් 30 කින් අඩු කර ති​බේ.

එහි නව මිල වන්නේ 1,071 ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දමූ අතර අද දිනයේ එය රුපියල් 14 කින් අඩු කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 506 ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top