ගොසිප්

ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග..

(UTV |කුවේටය)  – වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර තිබේ.

කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 5000 පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවසයි.

කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇත.

වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (01) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර තිබේ.

නමුත් ශ්‍රී ලංකාවට ගුවන්යානා පැමිණිම මේ වන විට අත් හිටුවා ඇත.

වීසා නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයන් පොදු සමා කාලය තුළ පිටව නොගියොත් අත්අඩංගුවට ගෙන ඔවුන් තම රටින් පිටුවහල් කරන බවද කුවේටය දැනුම් දීමක් කර ඇත.

වීසා නොමැති අය⁣ කුවේට් රජයේ රෝහල්වලට භාර නොගන්නා අතර පෞද්ගලික රෝහල්වලින්ද අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා නොදෙන බව තානාපති කාර්යාලය සදහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top