ක්‍රීඩා

ලසිත් මාලිංගට ඉදිරි IPL තරඟ කිහිපයක් අහිමි වෙයි..

(UTV| කොළඹ) – 2019 අයි.පී.එල් තරගාවලියට සහභාගි වීමට ඉන්දීයා ගොස් සිටින ශ්‍රී ලංකා සිමීත පන්දුවාර නායක ලසිත් මාලිංග අද (03) දිනයේ යළි මෙරටට පැමීණීමට නියමීත බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ලබන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලිය සහභාගි වීම සඳහා මාලිංග මෙරට පැමීණෙන බව දැනුම් දී ඇති බවද ක්‍රිකට් තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කියයි.

සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලියේදි ගාල්ල කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංග නම් කර තිබේ.

එසේම ඔහු මෙසේ මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව වෙත යෑමට තීරණය කර ඇත්තේ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරිමේ අරමුණීන් වන බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මෙම තත්වය මත ලසිත් මාලිංග හට අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මුහුණ දෙන පළමු තරග කිහිපය අහිමී වනු ඇති බවත් පළාත් තරගාවලියෙන් අනතුරුව යළි අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top