දේශීය

ලංකාවට ගෙනඑන කොවිඩ් එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිනිය හෙළිකරයි

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වනදායින් පසුව ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය ඒ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරිණි.

ඇමතිවරිය ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top