දේශීය

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

(UTV | කොළඹ) – රෝගී වූ පුද්ගලයා අසලට නොගොස් එම අයගේ උගුර,කණ සහ නාසය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය රිශ්නි සාකාෆ් මහතාට හැකියාව ලැබී ඇත.  

වෛද්‍ය රිශ්වි සකාෆ් මහතා විසින් නිෂ්පාදනය කර ඇති නව උපකරණයේ ඇති කැමරාව තුළින් රෝගියාගේ උගුර,කරණ හෝ නාසය ඇතුළත පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත.

එමෙන්ම එම නිරීක්ෂණයේදී ලබා ගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශණ උපකාරී කරගෙන රෝගියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා උපදෙස් ලබා ගැනීම පවා කළ හැකි වේ.

නව උපකරණය බිත්තයකට සවි කිරීම තුළින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඇති දුරස්ථ භාවය තව දුරටත් රදවා ගත හැකි බවද වෛද්‍ය රිශ්වි මහතා සදහන් කරයි.

මෙවැනි උපකරණයක් ලංකාවේ හෝ විදෙස් රටක මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බවත්,සැතපුම් කීපයක් දුර සිට හෝ රෝගියෙකු නිරීක්ෂණය කිරීමේ උපකරණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තමන්ට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම උපකරණය තුළින් තම රෝහලට පැමිනෙන රෝගීන්ට කඩිනමින් ගැටළුවකින් තොරව ප්‍රතිකාර කිරීමට හැකියාව පවතින බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.

Image may contain: indoor

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top