කලා

රොබට් පැටින්සන් නිසා ‘බැට්මෑන්’ අලුත් චිත්‍රපටය වැට උඩ

(UTV | කොළඹ) – මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබූ ’බැට්මෑන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වූ  ‘ද බැට්මෑන්’ හි ප්‍රධාන නළු චරිතයට පණ පොවන රොබට් පැටින්සන් ‘කොවිඩ්’ ආසාදිතයෙකුවීම නිසා මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇතැයි වාර්තා වෙයි.

‘ද බැට්මෑන්’ චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ පැටින්සන් ආසාදිතයෙකු වීම හෙයින් සිය චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු දැඩි පසුබෑමකට ලක්ව ඇති බවය.

ඔවුන් පවසන්නේ පැටින්සන් වෙනුවට ආදේශක නළුවෙකු හෝ යොදා සිය චිත්‍රපටය නිමා කරන්නට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top