විදෙස්

රුසියානු අගමැති අනතුරු අඟවයි

(UTV| රුසියාව) – ඉදිරියේදී ගෝලීය අර්බුධයක් ඇති විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි.

ඒ බටහිර ප්‍රජාව ,තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් ගෝලීය අර්බුදයක් උද්ගත වනු ඇති බවටයි.

රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමෙරිකාව රුසියාවට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමට සුදානම් වන පසුබිමකදීයි.

සම්බාධක සිය රට අර්බුදයකට පත්කරනු ඇති වුවත් යුරෝපයට සහ අමෙරිකාවට ඉන් වැඩි හානි සිදුවනු ඇතැයි රුසියාව සඳහන් කළේ ය.

බටහිර ප්‍රජාවේ මෙම ක්‍රියාපිළිවෙත , සත් අවුරුදු සිරියානු සිවිල් යුද්ධයට දේශපාලන විසඳුමක් ලබාදීමේ අවස්ථාවට හානිකර වනු ඇතැයි ද රුසියානු සහ ඉරාන ජනාධිපතිවරු පවසති.

සිරියානු ජනාදිපති බෂාර් අල් අසාද්ගේ රසායනික අවිභාවිතයට සම්බන්ධ උපකරණ නිෂ්පාදිත සමාගම්වලට එරෙහිව නව ආර්ථික සම්බාධක පනවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති නිකී හේලි මාධ්‍ය අමතා කියා සිටියේ ය.

රුසියාව සහ අමෙරිකාව අතර මෙම සීතල යුධ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හේතුවූයේ සිරියාවේ රසායනික අවි ගබඩා ලෙස සැලකෙන ස්ථාන තුනකට අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එක්ව මිසයිල ප්‍රහාර 105 ක් එල්ල කිරීමෙන් පසුවයි.

පුද්ගලයින් රැසකට මරු කැඳවමින් , සිරියාවේ ඩූමා ප්‍රදේශයට ඉකුත් අප්‍රේල් 7 වන දින එල්ල කළ විෂ වායු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එම බටහිර බලවතුන් මෙම ප්‍රහාර එල්ල කළේ ය.

අමෙරිකාව පවසන්නේ එම ප්‍රහාර රසායනික අවි විනාශ කිරීමට විනා, සිරියානු ජනපති ධූරයෙන් පහකිරීමට හෝ එරට සිවිල් යුද්ධයට මැදිහත්වීමේ අරමුණින් එල්ල නොකළ බවයි.

කෙසේවෙතත් රසායනික ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ බවට එල්ල වන චෝදනා සිරියානු ජනාධිපතිවරයා සහ රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top